31.1 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමව්කිරිවලත් මයික්‍රෝ ප්ලාස්ටික් ඇති බව හෙළිවෙයි

මව්කිරිවලත් මයික්‍රෝ ප්ලාස්ටික් ඇති බව හෙළිවෙයි

ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පැවසුවේ ඉතාලියේ කරන ලද නවතම පරික්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බවයි.

මහාචාර්යවරයා මේ බව කියා සිටියේ ඊයේ (29) ගාල්ලේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමිනි.

වෙරළ තීරය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත් කිරිම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මෙම වැඩමුළුවට ගාල්ලේ පාසල් 24ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගි වූහ.

අද වනවිට පොලිතින් ප්ලාස්ටික් එදිනෙදා ජන ජිවිතයේ නැතුවම බැරි මෙවලමක් බවට පත්වී ඇති බවත් මේවාගේ ඇති මයික්‍රෝ ප්ලාස්ටික් නිසා සමහර ලෙඩ රෝගද වැළඳෙන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.