27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිලවියන්ට උපත් පාලන උපකරණයක් පළඳවන්න යයි

රිලවියන්ට උපත් පාලන උපකරණයක් පළඳවන්න යයි

මෙරට රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැණු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව තිබේ.

මේ වන විට රිලා ගැහැණු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බවයි එම පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කළේ.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගැහැණු සතුන්ට වඳ සැත්කම් කිරීමට විශාල මුදලක් සහ සැලකිය යුතු කාලයක් ගත වන බවත් ඒ හේතුවෙන් රිලා ගැහැනු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළඳවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් බවත්ය.