― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසැමියාගේ උදලු පහරින් දෙදරු මවක් ජීවිතක්ෂයට

සැමියාගේ උදලු පහරින් දෙදරු මවක් ජීවිතක්ෂයට

හිඟුරක්ගොඩ, යුධගනාව ප්‍රදේශයේ දී 27 හැවිරිදි තරුණ කාන්තාවක් උදැල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, අපරාධය සිදු කිරීමෙන් පසු ඔහු මැදිරිගිරිය ප්‍රාදේශයේ සැඟව සිටියදී හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව දෙදරු මවක් වන අතර මෙම පහරදීමෙන් ඇයගේ මාස එකහමාරක් වයසැති දරුවා ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

දරුවා මැදිරිගිරිය මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර මියගිය කාන්තාවගේ පියාටද කාන්තාවට පහර දුන් උදැල්ලෙන්ම පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මුදල් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාව සිදුකර ඇති අතර හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.