27.2 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356 ක් ලෙසටයි.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 423ක් ලෙසටයි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356 ක් ලෙස සටහන් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 431 ක්.

ලංකා භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249ක් ලෙසටයි.