― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකිසිම විටෙක සටන් විරාමයක් නැහැ - අගමැති නෙතන්යාහු

කිසිම විටෙක සටන් විරාමයක් නැහැ – අගමැති නෙතන්යාහු

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

එලෙස සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම හමාස් සංවිධානයට යටත්වීමක් බවයි නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

ටෙල් අවිව්හි දී අදහස් දක්වමින් නෙතන්යාහු බයිබලය උපුටා දක්වමින් පැවසුවේ මෙය යුද්ධය සඳහා කාලය වන බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක දී එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මානුෂීය සටන් විරාමයක් සඳහා යළි ඉල්ලීම් කර තිබුණා.

යුනිසෙෆ් පවසන්නේ ගාසා තීරයේ තත්ත්වය පැයෙන් පැය නරක අතට හැරෙමින් පවතින බවයි.

මේ අතර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට ගාසා තීරයේ 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.