30.6 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපඩි වැඩි කිරීමට බදු වැඩි කරන්න සිදුවේවි - බන්දුල

පඩි වැඩි කිරීමට බදු වැඩි කරන්න සිදුවේවි – බන්දුල

පවතින තත්ත්වය තුළ වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මේ වනවිට එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීම බවයි ඔහු සඳහන් කළේ.

තත්ත්වය එසේ තිබියදී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.