26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාරවිල මාර්ගයක අභිරහස් ලෙස මියගිය නිරුවත් මළ සිරුරක්

මාරවිල මාර්ගයක අභිරහස් ලෙස මියගිය නිරුවත් මළ සිරුරක්

මාරවිල – දෙමටපිටිය ප්‍රාථමික විද්‍යාලය අසළ අභිරහස් ලෙස මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් තිබී හමුවී තිබේ.

මාරවිල පොලිසිය පැවසුවේ අද (31) උදෑසන ලද දුරකථන ඇමතුමකට අනුව ගොස් සිදුකළ සොයා බැලීම දී මෙම නිරුවත් මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව – බටහිර දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 43ක පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

වඩු කාර්මිකයෙකු වන මෙම පුද්ගලයා පසුගිය කාලයේ විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මළ සිරුර තිබූ ස්ථානයට යාබදව ඇති දේවස්ථාන භූමියේ තිබී කාන්තාවන් භාවිත කරන යතුරුපැදියක් සහ තාප්පයක් මත තිබී ඇදුම් කීපයක්ද පොලීසිය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම යතුරුපැදිය සහ ඇදුම් මියගොස් ඇති පුද්ගලයාට අයත් ඒවා බවට විශ්වාස කරන්න බව පොලිසිය පැවසුවා. මියගොස් ඇති පුද්ගලයාගේ හිසෙන් ලේ වහනය වීමක්ද දක්නට ඇති බැවින් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.