― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsයළි විදුලි ගාස්තු සංශෝධනය වන දිනය ඇමති කියයි

යළි විදුලි ගාස්තු සංශෝධනය වන දිනය ඇමති කියයි

යළි විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේ දී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

බලශක්ති අමාත්‍යාංශයේ අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ මීළඟ විදුලි බිල සංශෝධනය 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදා සිදුවන බවයි.

මේ අතර ඉදිරියේදී විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.