32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News15 හැවිරිදි දැරිය පැහැර ගැනීමේ සිද්ධියට අදාළ ව ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

15 හැවිරිදි දැරිය පැහැර ගැනීමේ සිද්ධියට අදාළ ව ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

15 හැවිරිදි දැරියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරු ව, අද අලුයම දී අත් අඩංගුවට ගත් සැකකරුව ලබන මස 07 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු නමින් ‘ ශාරුක්’ නම් අයෙකු වන බවත්, ඔහු විසින් දැරියට සහ දැරිය ව පැහැරගෙන ආ තරුණයාට රැකවරණය සලසා ඇති ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

මෙම ඥාති සැකකරු එම ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු බවටත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

සැකකරුව අද අලුයම කටුකෙලියාවේ දී පොලිස් අත් අඩංගුවට පත් වුණු අතර, ඉන් අනතුරුව ඔහුව අද පෙරවරුවේ කහගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුවයි එම සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ.

පෙරේදා රාත්‍රියේ දී 27 හැවිරිදි තරුණයෙකු පැමිණ මෙම බාලවයස්කාර දියණිය ව නිවසට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගිය බවටයි ඇයගේ මාපියන් විසින් දිවුල්වැව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් ව ඇත්තේ.

කෙසේවෙතත් මෙම ශාරුක් නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගැනුණ ද, දැරිය හෝ දැරියව පැහැරගත්තා යැයි පැවසෙන 27 හැවිරිදි තරුණයා මෙතෙක් හමු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.