30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නැහැ - අංජන

බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නැහැ – අංජන

ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට උනන්දු නොවන බවයි එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ.

කෙසේවෙතත් ඔහු අනතුරු ඇඟවූයේ නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුවහොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුවන බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත්තේය.