30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියෙන් කොන්ත්‍රාත් මුදල් ඉල්ලා පුද්ගලයෙක් ගසක් උඩ විරෝධතාවයක

පොලිසියෙන් කොන්ත්‍රාත් මුදල් ඉල්ලා පුද්ගලයෙක් ගසක් උඩ විරෝධතාවයක

තමන්ට හිමි කොන්ත්‍රාත් මුදලක් ලබා නොදීමට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු බේරුවල නගරය ආසන්නනයේ ගසකට නැග විරෝධතාවයක නිරත වී තිබෙනවා.

තමන් මීට මාස 4කට පමණ පෙර මතුගම පොලිස් ස්ථානයේ ටෙන්ඩර් පටිපාටියකින් ලබාගත් ඉදි කිරීමකට අදාළ මුදල කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තමාට ලබා නොදුන් බව පවසමිනුයි ඔහු මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

බේරුවල කාලවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම පුද්ගලයා බේරුවල නගරයේ ගසකට නැග විරෝධය පාමින් සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා අදාළ කොන්ත්‍රාත්තුව නිසි පරිදි අවසන් කර නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය මතුගම ප්‍රාදේශීය සභාවෙන් නොලැබීම හේතුවෙන් අවශ්‍ය කොන්ත්‍රාත් මුදල ලබා දිය නොහැකි බවයි.

තමාට අදාළ මුදල නිසි පරිදි නොලැබීම හේතුවෙන් අදාළ මුදල ලැබෙන තෙක් ගස මත සිට විරෝධය ප්‍රකාශ කරන බවයි එම පුද්ගලයා ප්‍රකාශ කරන්නේ.