30 C
Colombo
Friday, December 8, 2023

ඌව පළාතේ රජයේ වෛද්‍යවරුන් අද වර්ජනයක

ඌව පළාත තුළ පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (02) පෙරවරු 08.00 සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමය සඳහන් කළේ.

දිවයින පුරා පිහිටි සියලුම රජයේ රෝහල් ආවරණය කරමින් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර ලෙස ඌව පළාත තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට ඇතුළු තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

මේ අතර රජයේ සියලු විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරතවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

එම සම්මේලනය සඳහන් කළේ වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ලබාගැනීම මෙම වර්ජනයේ අරමුණ වී ඇති බවයි.

Latest

පාසල් වෑන් රථයේදී රියදුරා දැරියට අතවර කරලා

පාසල් වෑන් රථයක් තුළදී ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ...

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත්...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

පාසල් වෑන් රථයේදී රියදුරා දැරියට අතවර කරලා

පාසල් වෑන් රථයක් තුළදී ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ සිසුවියක් අතවරයට ලක් කළ පාසල් වැන් රථයේ රියැදුරු සොයා පනාමුරේ පොලීසිය විසින් විමර්ශණ අරඹා තිබේ. සිය...

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට වරදකරු කරමින් කළුතර මහාධිකරණය ඊයේ (07) මරණ දඬුවම නියම කර තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here