27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිදියහනේදී සැමියාගේ පුරුෂ ලිංගය කැපූ බිරිඳට ඇප

නිදියහනේදී සැමියාගේ පුරුෂ ලිංගය කැපූ බිරිඳට ඇප

තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තුවාල සිදුකිරීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ ඇය හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තුවාල සිදු කිරීමේ වරදට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි බවයි.

ඇය අද (02) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කළේ රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත ඇය මුදාහරින ලෙසයි.

සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව මෙම මස 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තම සැමියා දිවා කාලයේ නිවසේ නිදා ගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා බරපතල තුවාල සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.