26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් රථයට ඉඩ දුන් තිරෝද රිය ගලකට හිරවෙයි

බස් රථයට ඉඩ දුන් තිරෝද රිය ගලකට හිරවෙයි

තලවාකැලේ සිට පූඩලුඔය දක්වා ප්‍රධාන මාර්ගයේ කොස්ගහවත්ත ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බව පූඩලුඔය පොලිසිය පවසයි.

පූඩලුඔය දෙස සිට තලවාකැලේ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් කොස්ගහවත්ත ප්‍රදේශයේදී බස් රථයකට ඉඩ ලබාදීමට යාමේදී ගලක සිරවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.

විකල්ප මාර්ග නොමැතිවීම හේතුවෙන් මෙම මාර්ගය හරහා වාහන ගමන් කිරීමට නොහැකිව රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම රථවාහන පොලිස් ඒකකය එම ස්ථානයට ගොස් රෝදයේ සිරවී තිබූ ත්‍රිරෝද රථය නිරුපද්‍රිතව ගොඩගැනීමට පියවර ගත්තා.