31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැටන් - කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බසියි

හැටන් – කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බසියි

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපයේදී ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ.

මේ හේතුවෙන් ගිලා බැස ඇති ස්ථානයෙන් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.

මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කෝවිල අසළ ප්‍රධාන මාර්ගයේ කොටසකුයි.

අද (03) උදෑසන සිට මෙම මාර්ගයේ කොටසක් ගිලා බැස ඇති ආකාරයට දක්නට ලැබුණු අතර පොලීසිය පවසන්නේ මීට පෙරද එම ස්ථානය ගිලා බැසීමට ලක් වූ ස්ථානයක් බවයි.

පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගයේ ගමනා ගන්නා වාහන එම ස්ථානයෙන් ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙසයි.