30.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය මුදල් ඇමති හා ජනපති අතර හමුවක්

ඉන්දීය මුදල් ඇමති හා ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වුණා.

ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.

මෙම හමුවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු ඉන්දීය දූත පිරිසද සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඉන්දීය රජයේ ඩොලර් මිලියන 15 ක පරිත්‍යාගයෙන් සිදුකිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමක් හුවමාරු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.