28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇෆ්ගනිස්ථානයට කඩුලු 7ක ජයක්

ඇෆ්ගනිස්ථානයට කඩුලු 7ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා. මෙම තරගය පැවැත්වුණේ ලක්නව්හිදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 179ක් පමණයි.

Sybrand Engelbrecht ලකුණු 58යි. Colin Ackermann ලකණු 29ක් සහ Max O’Dowd ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මොහොමඩ් නාබි කඩුලු 3ක් සහ Noor Ahmad කඩුලු 2ක් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට හිමි වූ ඉලක්කය ලකුණු 180ක්.

ඔවුන් පන්දුවාර 31යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. නායක Hashmatullah Shahidi නොදැවී ලකුණු 56ක් රැස් කළා. Rahmat Shah ලකුණු 52යි.