― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගාසා නගරය වැටලීම සම්පූර්ණයි – ඊශ්‍රායල හමුදාව

ගාසා නගරය වැටලීම සම්පූර්ණයි – ඊශ්‍රායල හමුදාව

ගාසා නගරය වැටලීම සම්පූර්ණ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් පවසන්නේ මුරපොලවල්, මූලස්ථාන සහ අනෙකුත් හමාස් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවයි.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ගාසා තීරයේ පාසලක පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස හතරකට හානි සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන බවත් සිවිල් මරණ අවම කරන බවත්ය.