23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රිකට් බලධාරීන්ට ක්‍රීඩා ඇමති කියයි

වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රිකට් බලධාරීන්ට ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව වගකීම භාර ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මෙම පරාජයන් සම්බන්ධයෙන් වගකීම ක්‍රීඩකයන්ට වඩා නිලධාරීන් සතු බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ.

දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ ක්‍රිකට් තේරීම් කමිටුව යන දෙකම තම තනතුරුවලින් ඉවත් විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

සිය ලිපිය මගින් අමාත්‍යවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු ක්‍රීඩකයෙකු අධෛර්යමත් නොකර ඔවුන්ට සහයෝගය ලබාදෙන ලෙසටයි.

මෙම පරාජයන්වල වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට පැවරිය නොහැකි අතර එහි වගකීම වසර 4ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත් අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාරගත යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා මත රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනු ලබන්නේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම් හෝ ලබා නොදෙමින් බව ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන් අනෙක් සෑම රටක්ම පාහේ ක්‍රීඩාව ෂ ඳහා අති නවින තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම මෙන්ම මෙවලම් භාවිත කළ ද මෙරට එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් බවයි ඔහු සඳහන් කළේ.

වර්ෂා දිනවලදී පුහුණු කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හෝ නොමැති බව රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළා.