27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුහල්පති පුරප්පාඩු ගැන පෙත්සමකට අධිකරණයෙන් නියෝගයක්

විදුහල්පති පුරප්පාඩු ගැන පෙත්සමකට අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා වූ නව පත්වීම් පිරිනැමීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කර තිබෙනවා.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මතු කළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා පත්වීමට තමන්ට ද සුදුකම් ඇති බව සඳහන් කරමින් ගාමිණී සුබසිංහ එම්.අයි.එම්. මන්සි,ඩබ්ලිව්. එච් .ආර් ප්‍රනාන්දු අය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා,අධ්‍යාපන ඇමතිවරයා සහ නීතිපතිවරයායි.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඇති පුරප්පාඩු 4718ක් පිපිරවීම සඳහා 2019 වසරේ පැවැත්වූ තරඟ විභාගයෙන් සමත් වූවන්ට පත් වීම් ලබා දෙන ලෙස පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර තිබුණා.

මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට තමන්ට ද සුදුසුකම් ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවන් එබැවින් අලුතින් අයදුම්පත් කැඳවා එම පත්වීම් පිරිනැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.