30 C
Colombo
Friday, December 8, 2023

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 3.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අද රාත්‍රී 11.30 තෙක් වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද ජනතාවට දැනුම් දෙනවා.

බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකිය යුතුයි. තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසට ද ජනතාවට දැනුම් දෙනවා.

හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කලමනාකරණ නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ.

Latest

පාසල් වෑන් රථයේදී රියදුරා දැරියට අතවර කරලා

පාසල් වෑන් රථයක් තුළදී ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ...

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත්...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (08) සවස 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

අද එළියට යද්දි කුඩේ අමතක කරන්න එපා

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව...

පළාත් රැසකට අදත් තද වැසි

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම,...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here