― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 11ක් නිරුපද්‍රිතව ඊජිප්තුවට

ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 11ක් නිරුපද්‍රිතව ඊජිප්තුවට

ගාසා තිරයේ වෙසෙන ලාංකිකයින් 11 දෙනෙකු නිරුපද්‍රිතව නොවැම්බර් මස 02 වෙනිදා ඊජිප්තුවට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අද තහවුරු කර තිබෙනවා.

ඊජිප්තුවේ රෆා දේශසිමාව ඔස්සේ මෙම ශ්‍රී ලාංකිකයින් 11 දෙනා පැමිණ ඇති අතර ඔවුන් අතර පවුල් දෙකකට අයත් සාමාජිකයින් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊජීප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 320ක් දුරින් රෆා දේශසිමා පිවිසුම පිහිටා ඇති අතර ශ්‍රී ලංකා බලධාරින් එහි ගොස් එම ලාංකිකයින් පිරිස සිය භාරයට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ඊජීප්තු බලධාරීන්ගේ සහයෝගය මත කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පලස්තීනයේ, රමල්ලා හි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම ලාංකිකයින් පිරිස නිරුපද්‍රිතව ගාසා තිරයෙන් පිටතට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

එලෙස ඊජිප්තුවට පැමිණි ලාංකිකයින් 11 දෙනා ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන් ඉවත්වීමට ඊශ්‍රායල රජය පසුගිය 2 වනදා අවසර ලබාදුන් බව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කළා.

ඒ අනුව ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා මාරුව හරහා ඉවත්වීමටයි අවශ්‍ය අවසරය හිමිවී ඇත්තේ.

මේ වනවිට පලස්තීන ජාතිකයින් සමග විවාහවූ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ගාසා තීරයේ සිටින අතර, ඔවුන්ගේ පවුල්වල මුළු සාමාජිකයින් සංඛ්‍යාව 17ක් වන බව රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ ප්‍රකාශ කර තිබෙනවා.