― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාල වයස්කාර දැරියක් මවක් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් මවක් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා ඇයව මවක් බවට පත් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු නොරොච්චෝලේ, ආංකුඩාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය දෙවන දා ගැබිණියක් පුත්තලම රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර, එම දරු ප්‍රසූතිය සිදුකළ මව සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඇය වයස අවුරුදු 14යි මාස 07ක බාලවයස්කාර දැරියක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම රෝහල් පොලීසිය විසින් නොරොච්චෝලේ පොලිසියට සිදුකළ දැනුම්දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තමන් 2022 ජනවාරි මස 23 වනදා මුස්ලිම් නීතිය අනුව විවාහ වී ඇය සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වූ බව සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

ඔවුන්ගේ විවාහ සහතිකය සහ බාලවයස්කාර බිරිදගේ උප්පැන්න සහතිකය ද සැකකරු විසින් පොලීසියට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.