― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

සජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක වී තිබෙනවා.

මීට ඉහතදී මෙම සමූහ ව්‍යාපාරයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ද සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබූ අතර ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු යළි එම තනතුරුවල පිහිටුවන ලෙසටයි අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ.

එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂ තනතුරුවල පිහිටුවීම සිදු කළ ද ඔහුට නිසි පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ නොලැබීම මත ඔහු යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් නිසිලෙස ඉටුනොකිරීම මත අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින්.

එමෙන්ම තමන් යළි තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගය තුළ තමා අධ්‍යක්ෂ ධූරවලින්වලින් නෙරපීම අරමුණු කරගෙන පවත්වන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකිවන ආකාරයෙන් ද සජිත් රාජපක්ෂ විසින් තහනම් නියෝගයට කරුණු ඇතුළත් කරගෙන ඇතැයි සඳහන්. ඒ අනුව එම නඩුව ලබන 20 වනදා කැඳවීමට නියමිතයි.

මෙවන් පසුබිමකයි කසුන් රාජපක්ෂ විසින් ඊයේ (03) සමාගමේ සමූහ මූලස්ථානයේදී රැස්වීමක් කැඳවීමට කටයුතු සැලසුම් කර තිබුණා.

ඒ අනුව අධිකරණ නියෝග ද නොතකා සජිත් රාජපක්ෂව මෙම ආයතනික ක්‍රියාවලියෙන් ඉවත්කර ගැනීමේ අරමුණේ කසුන් රාජපක්ෂ දැඩිව සිටිමින් එම රැස්වීමට සජිත් රාජපක්ෂගෙන් එල්ල විය හැකි බාධාවන් ඉවත් කරගැනීමට කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට ද කසුන් රාජපක්ෂ ක්‍රියා කර තිබූ බවටයි වාර්තා වන්නේ.

ඊට එරෙහිව සජිත් රාජපක්ෂගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කසුන් රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ කර තිබෙනවා. සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දැඩි ලෙස තර්ක කර ඇත්තේ තම සේවා දායකයා මෙම සමාගම්වලින් ඉවත් කිරීම හරහා එම ආයතන ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි අතර සමාගම් තිරසාරභාවයට දැඩි හානිකර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බව ද ඔවුන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. පසුගිය වසර 5 තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

මේ අතර කසුන් රාජපක්ෂගේ මූලික මෙහෙයවීමෙන් යුත් පාවහන් නිෂ්පාදන සමාගම්වල කාර්ය සාධනය පිළිබඳව ද අධිකරණයට දැක්වූ කරුණු ඔස්සේ අනාවරණය වී තිබුණා.

ඒ අනුව පසුගිය වසර 5 තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

ඊට හාත්පසින්ම වෙනස්ව, එම කාලය තුළම, සජිත් රාජපක්ෂගේ සහ කාවින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල සඳහන්. ඔහුගේ ව්‍යාපාර වාර්ෂිකව සමූහ ව්‍යාපාරයට රුපියල් මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල් 75කට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් හරහායි.

සමාගම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි සජිත් රාජපක්ෂ කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නඩුව පවරා ඇත්තේ. එය යළි මෙම මස 20 වැනිදා කැඳවීමට නියමිතයි.