30 C
Colombo
Friday, December 8, 2023

දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් සීගිරියට නව මාවතක්

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් නව මාර්ගයක් ඉදි කිරීමට පියවර ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසනවා.

උගුල් ගල හරහා සිංහ පාද මළුවේ උතුරු දෙස දක්වා නව මාවතක් හා සිංහ පාදයේ ආරම්භයේ සිට සීගිරි ගලේ මැද දක්වා ද්විත්ව මාර්ගයක් ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අපේ උරුමයයි අපේ කතාබහයි මැයෙන් සීගිරියේ ඉදිරි සැලසුම් හෙළි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

අක්කර 12500ක් වූ සීගිරිය වපසරිය තුළ සිදු කර ඇති නව සොයාගැනීම් සමග සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් සකසා ඇති ප්‍රධාන සංවර්ධන සැලසුම හෙළිකරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළා.

මහාචාර්යවරයා සඳහන් කරන්නේ පවතින අධික මහජන තදබදය අවම කිරීම හා ආරක්ෂාව වෙනුවෙන් මෙම නව මාවත සකසන බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල ,සීමාසහිත ජනමාධ්‍යවේදීන්ගේ සමුපකාර සමිතිය, සාක් කලාපීය පුරාවිද්‍යා උරුම රැක ගැනීමේ මාධ්‍ය සංසදයේ ශ්‍රී ලංකා මාධ්‍යවේදියෝ හා සමාජ ඇස එක්ව මාධ්‍යවේදීන් 35 දෙනෙකු සඳහා මෙය සංවිධානය කර තිබුණා.

මාධ්‍යවේදීන් වෙනුවෙන් දින දෙකක් පුරා ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් සිදුකළ මෙම හෙළි කිරීම් සඳහා විදුර වික්‍රමනායක විෂයභාර අමාත්‍යවරයා ද සහභාගි වී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය, කෞතුකාගාරය, ඉබ්බංකටුව ඉපැරැණි සුසාන භූමි සංකීර්ණය, සීගිරි පව්ව, කැටපත් පවුර, සිංහපාදය, බිතුසිතුවම්, පහන්ගල, අලිගල, පැරණි ආරක්ෂක කුටි, හිරු පායන ආකාරය, සංචාරක හෝටල් ආදී අංග රාශියක් මෙම සංචාරක ආකර්ෂණ සැලැස්මට ඇතුළත් කර තිබෙනවා.

“සිංහ පාද මළුව වෙත උතුරු දෙසින් ඇතුළු වීම සඳහා දැවයෙන් සැදූ මාර්ගයක් අතීතයේ තිබූ බව කැණීම් වලින් සොයාගෙන තිබෙනවා. නමුත් එය පසු කාලයේදී කැළයෙන් වැසී යාම නිසා මෙතෙක් භාවිතා කර තිබෙන්නේ සිංහපාද පඩි පෙළ මාර්ගයයි. මාර්ගයේ උතුරු දොරටුවෙන් ඇතුළු වූ පසු සිංහ පාද මළුව දක්වා යකඩයෙන් මෙම මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම සිංහ පාද මළුව ප්‍රතිසංස්කරණය කර නරඹන්නන්ගේ විවේක ස්ථානයක් ලෙස සකස් කරනවා. ගල මුදුනට නැගීම සඳහා සිංහපාදය සිට ඇත්තේ තනි පටු මාර්ගයක්.එය ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කිරීමටත් සැලසුම් කර තිබෙනවා. එසේම නරඹන්නන් ජල බෝතල් ගෙන ඒම නිසා මේ පරිසරය තුළ ලක්ෂ ගණනින් ප්ලාස්ටික් බෝතල් එක් වීම වැළැක්වීමේ අරමුණින් සිංහ පාද මළුව තුළ පානීය ජල ව්‍යාපෘතියක් ඇරඹීමටත් සැලසුම් කර තිබෙනවා. එසේම අනෙකුත් යටිතල පහසුකම් ද දැනටමත් මෙහි ඉදිකර අවසන්.”

Latest

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් මෙරට ජාතික පුවත්පතක් අද (08) දින...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here