― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsගාසා තීරයෙන් ඊජිප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් දිවයිනට

ගාසා තීරයෙන් ඊජිප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් දිවයිනට

ගාසා තීරයේ සිට ආරක්ෂිතව ඊජිප්තුවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

ගාසා තිරයේ ජිවත් වූ මෙම ලාංකිකයින් 11 දෙනා පසුගිය 2 වනදා නිරුපද්‍රිතව ඊජිප්තුවට පැමිණ තිබුණා.

ඊජිප්තුවේ රෆා දේශසිමාව ඔස්සේ මෙම ශ්‍රී ලාංකිකයින් 11 දෙනා පැමිණ ඇති අතර ඔවුන් අතර පවුල් දෙකකට අයත් සාමාජිකයින් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊජීප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 320ක් දුරින් රෆා දේශසිමා පිවිසුම පිහිටා ඇති අතර ශ්‍රී ලංකා බලධාරින් එහි ගොස් එම ලාංකිකයින් පිරිස සිය භාරයට ගෙන තිබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන් ඉවත්වීමට ඊශ්‍රායල රජය පසුගිය 2 වනදා අවසර ලබාදුන් බව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කළා.

ඒ අනුව ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා මාරුව හරහා ඉවත්වීමටයි අවශ්‍ය අවසරය හිමිවී ඇත්තේ.

මේ වනවිට පලස්තීන ජාතිකයින් සමග විවාහවූ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ගාසා තීරයේ සිටින අතර, ඔවුන්ගේ පවුල්වල මුළු සාමාජිකයින් සංඛ්‍යාව 17ක් වන බව රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ ප්‍රකාශ කර තිබෙනවා.