31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදකුණු අප්‍රිකානුවන්ට ඉන්දියාවෙන් ප්‍රබල ඉලක්කයක්

දකුණු අප්‍රිකානුවන්ට ඉන්දියාවෙන් ප්‍රබල ඉලක්කයක්

ලෝක කුසලාන තරගවලියේ ඉන්දීය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 326ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඒ, අනුව කොල්කටා හිදී පැවැත්වෙන මෙම තරගය ජයගැනීමට නම් දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 327ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මෙම තරගයේ ඉන්දීය ඉනිම වෙනුවෙන් සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 49 වන ජගත් එක්දින ශතක රැස් කිරීමට සමත් වුණා.

කෝලිගේ මෙම සුපිරි ඉනිම වටා ගොඩනැඟුණු ඉන්දීය ඉනිමට ශ්‍රෙයාස් අයියර් ලකුණු 77ක් රැස් කළා.

ඊට අමතරව නායක රෝහිත් ශර්මා ලකුණු 40ක් සහ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ලුංගි න්ගිඩි, මාර්කෝ ජැන්සන්, කගී සෝ රබාඩා, කේෂව් මහාරාජ් සහ තබ්‍රයිස් ෂම්සි එක් කඩුල්ල බැඟින් දවාගත්තා