නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.නේපාලයේ ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් කත්මන්ඩු නුවර සහ පොක්කාරා යන ප්‍රදේශවල රැඳී සිටින බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.භූ කම්පනය සිදුවු නේපාලයේ බටහිර ප්‍රදේශයේ හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බවට එරට බලධාරීන් තහවුරු කළ බව ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.බටහිර නේපාලයේ සිදුවු එම භූ කම්පනයෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයක් ලෙස සටහන්වී තිබුණා.
පළමු භූ කම්පනයෙන් පසුව පැයක් ඇතුළත තවත් පසු කම්පන 03ක් වාර්තා වුණා.― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
