27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපස් කණ්ඩියකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

පස් කණ්ඩියකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

මහනුවර මහියංගණය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේදී කඩා වැටුණු පස් කන්දකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග තාවකාලිකව ඉදි කර තිබූ පළතුරු වෙළඳසැලක පිටුපස තිබූ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ හිමිකාරිය ලෙසට කටයුතු කළ රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.

ප්‍රදේශවාසීන් විසින් පස් කන්දට යටවූ කාන්තාව සොයාගෙන තෙල්දෙණිය රෝහලට ඇතුලත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෘත ශරීරය තෙල්දෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.