26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැඩි මිලට සීනි වික්කොත් දැනුම් දෙන්න

වැඩි මිලට සීනි වික්කොත් දැනුම් දෙන්න

පැකට් කළ සීනි සඳහාත් මේ වනවිට උපරිම සිල්ලර මිලක් නියමකර ඇති බව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ආමාත්‍යවරයා අද (05) මේ බව සඳහන් කළා.

පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා කිසියම් අයෙක් සීනි අලෙවිකරනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත පැමිණිලිකරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියා.

රජය විසින් පසුගිය 02 වනදා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය කටයුතු කරනු ලැබුවා.

ඒ, සීනි කිලෝවක් සඳහා ශත 25ක්ව පැවති විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50.00 දක්වා වැඩිකිරීමට කටයුතු කිරීමත් සමඟයි.

ඒ, අනුව ඇසුරුම් නොකළ සිදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 275.00ක් ලෙසත්, ඇසුරුම් නොකළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 330.00ක් ලෙසටත් මිල නියම කරනු ලැබුවා.

මේ අතර ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් වන අතර, ඇසුුරුම් කළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 350ක්.