23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරටින් පන්නන්න ගිය රත්‍රං සමඟ 5ක් අල්ලයි

රටින් පන්නන්න ගිය රත්‍රං සමඟ 5ක් අල්ලයි

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පෙරේදා (03) සවස මන්නාරම, ඔළුතුඩුවායි මුහුදු තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 2යි ග්‍රෑම් 150ක් සමඟ සැකකරුවන් 5දෙනෙකු ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් සමග නාවික හමුදා භාරයට ගැනුණා.

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟිනුයි වැටලීම සිදු කළේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම රත්‍රං හමුවී තිබෙනවා.

ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේ දීයි, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථය සහ යතුරු පැදිය නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනා. එම සැකකරුවන් රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව, ත්‍රීරෝද රථය සහ යතුරු පැදිය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.