31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිළවුන්ගේ ප්‍රශ්ණයට හරි විසඳුමක් නැහැ - කෘෂිකර්ම ඇමති

රිළවුන්ගේ ප්‍රශ්ණයට හරි විසඳුමක් නැහැ – කෘෂිකර්ම ඇමති

වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට ඉදිරියේදී අවශ්‍යතාව මත ගොවීන්ට පතොරම් තුවක්කු පවා නිකුත් කිරීමට සිදුවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17 ත් 20 අතර පාඩුවක් සිදුවන අතර පසුගිය වසරේ රිළවුන් විසින් කා දමා විනාශ කළ පොල්ගෙඩි ප්‍රමාණය පමණක් මිලියන 200 ඉක්මවා තිබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබාදීමට මූලික පියවර ගැණුනත් සත්ත්ව මිත්‍ර සංගම් යැයි කියාගන්නා පිරිසක් නඩු පැවරීම නිසා එම වැඩපිළිවෙලද අතරමඟ නතර කෙරුණා.