28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවත්ත මුහුදේ නාඳුනන තරුණ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදේ නාඳුනන තරුණ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදු පාරේ ආපන ශාලාවක් ඉදිරිපිට මුහුදු තීරයේ තිබී නාඳුනන තරුණයෙකුගේ මළ සිරුරක් අද අලුයම හමුවූ බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.

මියගොස් ඇති තරුණයාවයස අවුරුදු 28ක් පමණ වන අයෙක් බවටයි සැක කෙරෙන්නේ.

ඔහු නිල් පැහැති කලිසමක් පමණක් හැඳ සිටින අතර වම් පාදයේ පමණක් පටි සහිත සෙරෙප්පුවක් දක්නට ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මෙම තරුණයා හැඳ සිටි කලිසම් සාක්කුවේ තිබී මුදල් පසුම්බියක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් හමුවී ඇති අතර එහි මානිප්පායි ප්‍රදේශයේ ලිපිනයක් දැක්වෙන බව සඳහන්.

මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර එම තිබෙන ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි