28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට

බෝගම්බර බන්ධනාගාරයේ සේවයේ යුතු බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 2100ක් සමඟ මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (04) රාත්‍රී 9ට පමණ මහනුවර ඔරලෝසු කණුව ආසන්නයේ දී සැකකරු අත්අඩංගුවට පත්වී ඇති බවයි.

මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අවස්ථාවේ ලබාදුන් තොරතුරක් මත මෙම බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඒ ඔහු බන්ධනාගාරයේ සේවය සඳහා යෑමට මහනුවර දිගන බස් නැවතුමේ රැඳී සිටියදීයි.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.

රත්නපුර නගරසභාගම පදිංචි සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක්. මොහු බන්ධනාගාර රැඳවියන්ට අළෙවි කිරීම සඳහා මත්කුඩු රැගෙන ගියේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා