මේ වනවිට කොළඹට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.
ඒ අනුව මරදාන, පුංචි බොරැල්ල සහ ආමර් වීදිය මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
ටොරින්ටන්, පුරහල ,පංචිකාවත්ත ද ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මරදාන ප්රදේශයේ ඇතැම් ස්ථානවල අඩි දෙකකටත් වඩා උසින් ජලයෙන් යට වී ඇති බවයි අප ප්රාදේශීය වාර්තාකරු පැවසුවේ.
එම ප්රදේශයේ බෝක්කු පද්ධතිය පිළිසකර නොකිරීමෙන් මෙසේ වර්ෂාපතනය වැඩිවීමත් සමග ජලයෙන් යටවන බවට ද වාර්තා වනවා.