― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජාතික පුවත්පතක් වාර්තා කළ පාඩුව ගැන ලංවිම කට අරියි

ජාතික පුවත්පතක් වාර්තා කළ පාඩුව ගැන ලංවිම කට අරියි

ලංකා විදුලිබල මණ්ඩලයට මාස 04ක දී රුපියල් කෝටි 126ක් පාඩු බවට සඳහන් කරමින්, ජාතික පුවත්පතක් වාර්තා කර තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද දින නිකුත් වූ මෙම ජාතික පුවත්පතෙහි සිරස්තලයක් ලෙස සඳහන් කර ඇති ” බාල ජෙනරේටර් පනහක් අරන් – ලංවිමට මාස 04ක දී කෝටි 126ක පාඩුවක්..” යන පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ලංවිම සඳහන් කරන්නේ මෙගාවොට් 01ක ධාරිතාවකින් යුත් ජෙනරේට 50ක් මිල දී ගැනීමට අදාළ ටෙන්ඩර් කැඳවීම 2016 නොවැම්බර් මස 18 වැනිදින සිදු වූ බවයි.

ඊට ටෙන්ඩර්කරුවන් 18ක් සිය යෝජනා ඉදිරිපත් කළ බව ද ලංවිම පෙන්වාදෙනවා.

එහි තෝරා ගැනීම් අනුව අදාළ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුව 2017 නොවැම්බර් මස 10 වැනි දින ටෙන්ඩර් ප්‍රදානය සිදු කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තාවලට අනුව අදාළ ප්‍රසම්පාදන සිදු කර, වඩාත් ම සුදුසු යැයි යෝජිත ටෙන්ඩර්කරු වෙත අමාත්‍ය මණ්ඩල අනුමත ප්‍රසම්පාදන කමිටු තීරණය අනුව 2017 වසරේ නොවැම්බරයේ එම සැපයුම්කරු වෙත ටෙන්ඩරය පිළිගැන්වුණු බවයි එම නිවේදනයේ සඳහන්.

2023 වසරේ වියළි කාලගුණ්‍ය පැවති වකවානුවේ දී අඛණ්ඩ ව විදුලි සැපයුමක් ලබාදීමට විදුලිය මිල දී ගැනීමට යෝජනා වූ බව ද ලංවිම පවසනවා.

නමුත් එම හදිසි විදුලිය මිලදී ගැනීම සිදු නොකර ඉහත ජෙනරේටර්වලින් 30ක් හම්බන්තොට ග්‍රිඩ් උපපොළ වෙත එක් කර මෙගාවොට් 30ක ධාරිතාවකින් යුතු බලාගාරයක් ස්ථාපනය කර එමගින් අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබා දුන් බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව හදිසි විදුලි මිල දී ගැනීමට පැය 24 පුරා අඛණ්ඩ ව විදුලිබල සැපයුමක් ලබාදීමට ලංවිම කටයුතු කළ බව ද මෙම නිවේදනය මගින් දැනුම්දී තිබෙනවා.