― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටට ආදරය කරන ක්‍රීඩකයින් හදාගැනීම අරමුණයි

රටට ආදරය කරන ක්‍රීඩකයින් හදාගැනීම අරමුණයි

රටට ආදරය කරන ක්‍රීඩකයින් හදාගැනීම තම අරමුණ වී ඇති බව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරයට පත්කළ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

අද (06) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු සඳහන් කර සිටියේ ක්‍රිකට් කණ්ඩායම සහ ආයතනය මෙරට ප්‍රේක්ෂකයින් ආදරය කරන තැනක් බවට පත් කිරීම ද තම අරමුණ වී ඇති බවයි.

මේ අතර වංචා සහ දූෂණය සිදුකර ඇති බවට කිසිඳු ආකාරයේ ඇඟිල්ලක් දිගු කිරීමට නොහැකි සාමාජිකයින් පිරිසක් අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුවට පත්කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.