30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබණ්ඩි පොහොර මිල අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

බණ්ඩි පොහොර මිල අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

බණ්ඩි පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අපේක්ෂා කරනවා.

මේ වනවිට රජයේ පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩුකිරීම මඟින් සියයට 50ක මිල අඩු කිරීමක් සිදුකළ හැකි බවයි වාර්තා වන්නේ.