― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොරියානු අගමැති හා කථානායක අතර හමුවක්

කොරියානු අගමැති හා කථානායක අතර හමුවක්

කොරියානු අන්තර්ජාතික නියෝජිතායනය (KOICA) සහාය දක්වන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බව කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩුක් සූ (Han Duck-soo) පවසනවා

කොරියාවේ නිල සංචාරයක නිරත වන කථානායක මහින්ද යාපා අබේවර්ධන සමග ඊයේ (06) කොරියාවේ සෝල් අගනුවර දී විශේෂ හමුවක් පැවැත්වුණා.

කොරියාවේ සේවය කිරීමට අවශ්‍ය අතිනවීන තාක්ෂණය ලාංකික ශ්‍රමිකයන්ට ඉදිරියේ දී මෙරටදීma කොරියානු ආයතනයක් හරහා ලබාදෙන බවට ද සහතිකයක් ලබාදීමටයි මෙම සාකච්ඡාවේ දී එරට අග්‍රාමාත්‍යවරයා පියවර ගනු ලැබුවේ.

මෙරට කොරියානු ආයෝජන අවස්ථා වැඩි කිරීමට ඒකාබද්ධ ආර්ථික කොමිසමක් (Economic Joint Commission) ගොඩනැගීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මෙරට ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සදහා ණය ප්‍රශස්තකරණය මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා කොරියාවේ සහාය ලබාදෙන බවට කොරියානු ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දී පැවසීම පිළිබඳ ව ද කතානායකවරයා මෙහිදී ස්තුතිය පළ කර සිටියා.