29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන්න බෑ

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන්න බෑ

සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බවත් එම මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (06) දහවල් රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය ආදායම් අවශ්‍යතාවය අනුව සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවූවද, රටේ තිබෙන සීනි තොගවල මිල ඉහළ යාම වැළක්වීම සඳහා සීනිවලට උපරිම සිල්ලර මිලක් නියම කළ බවයි.

එමෙන්ම වෙනදා මෙන් නොව මෙවර පැකට් කළ සීනි සඳහා ද එම උපරිම සිල්ලර බලපැවැත්වෙන බවත්, කිසිවෙකුටත් අයුතු ලාභයක් ලැබීමට ඉඩ ලබදෙනේනේ නැති බවත් අවධාරණය කර සිටියා.