23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩිම කඩුළුලාභීන්ගේ ලැයිස්තුවේ පළමු තැන ඩිල්ෂාන්ට

වැඩිම කඩුළුලාභීන්ගේ ලැයිස්තුවේ පළමු තැන ඩිල්ෂාන්ට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ යළි ප්‍රථම ස්ථානයට පැමිණීමට ඩිල්ෂාන් මධුසංඛ සමත්ව තිබෙනවා.

ඊයේ (06) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේ දවාගත් කඩුළු 3ත් සමඟයි ඔහු මෙම ස්ථානයට පත්ව ඇත්තේ.

ඒ අනුව ඩිල්ෂාන් විසින් මේ වනවිට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුළු කඩුළු 21ක් දවාගෙන ඇති අතර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇඩම් සම්පා දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 19කි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මාර්කෝ ජේසන් කඩුළු 17ක් දවාගෙන තෙවන ස්ථානයේ රැදී සිටියි.