32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ඕනෑම සහයක් දෙනවා

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ඕනෑම සහයක් දෙනවා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානියට හෝ ක්‍රීඩකයින්ගේ පසුබැස්මට හේතුව කුමක් දැයි තමන්ට ද මෙතෙක් නිසි පරිදි සිතාගත නොහැකි බවයි ඩිල්ෂාන් පෙන්වා දෙන්නේ.

සිය නිල මුහුණුපොත හරහා වීඩියෝ පටයක් සමාජගත කරමින් ඩිල්ෂාන් මෙම අදහස් පළ කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරීපත් වීමට ද මෙම අවස්ථාවේ දී ටී.එම්. ඩිල්ෂාන් සුබ පැතීම් එක් කළා.

ඔහු පැවසුවේ අර්ජුන රණතුංග ඉල්ලා සිටියේ විදෙස්ගතව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසටයි.

මේ හේතුවෙන් තමන් ද ඕනෑම අවස්ථාවක එම සහාය ලබාදීමට සූදානම් බව ද ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියා. එක දිගට තරග පරාජය වීම මේ වනවිට ක්‍රීඩා ලෝලීන්ට සුපුරුදු අත්දැකීමක් ව ඇති බැවින් දක්ෂ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බැවින්, ඔවුන් හට නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නේ නම් ඔවුන්ව හරි මාවතට ගෙන ආ හැකි බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසුවේ.

එබැවින් තමන් සේම සෙසු ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ දී සහාය ලබාදෙන ලෙසට ද ඩිල්ෂාන් ඉල්ලා සිටිනවා.