29 C
Colombo
Saturday, December 9, 2023

බ්‍රිතාන්‍යයේ සිනහ වායුව තහනම් වෙයි

බ්‍රිතාන්‍යය රජය විසින් ‘සිනාසෙන වායුව’ නමින් හැඳින්වෙන නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ මෙම වායුව භාවිත කිරීම හෝ ළඟ තබා ගැනීම තහනම් කර ඇත්තේ සමාජ විරෝධී හැසිරීම් මැඩලීම සඳහා බවයි.

ඒ අනුව අද දින සිට මෙම නව නීතිය බ්‍රිතාන්‍යය තුළ බලාත්මක වනු ඇති.

මෙම වායුව භාවිත කර බොහෝ පුද්ගලයින් විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, භාවිත කිරීම සහ විකිණීමට යොමු ව සිර දඬුවම්වලට ලක් ව ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වායුව මගින් ප්‍රීතිය හා විනෝදය ඇති කළද, එය භාවිත කිරීම තුළින් අයහපත් සෞඛ්‍ය රටා ගොඩනැගෙන බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

එමෙන්ම මෙම වායුව භාවිත කර, සැකසූ මත්ද්‍රව්‍ය හේතුවෙන් දිගු කලක සිට පොදු ස්ථානවල පවා සමාජ විරෝධී හැසිරීම් සිදු වීමට එය දායක වී ඇති බවත්, එය ප්‍රජාව විනාශ කිරීමට හේතුවක් බවත්, එය අනුමත කළ නොහැකි බව ද බ්‍රිතාන්‍යයේ පොලිස් අමාත්‍ය ක්‍රිස් ෆිල්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

නව තහනම යටතේ සිනහ වායුව නැවත නැවතත් අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයින්ට දඩ හෝ වසර දෙකක සිර දඬුවමකට යටත් විය හැකි බවත් එය මත්ද්‍රව්‍ය ගනුදෙනු කිරීමේ දී යොදා ගතහොත් උපරිම සිර දඬුවම වසර 14 දක්වා වැඩි වන බව ද වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව නයිට්‍රස් ඔක්සයිඩ් යනු වයස අවුරුදු 16 ත් 24 ත් අතර තරුණයින් විසින් භාවිතා කරන තුන්වන තැන හොබවන වඩාත් සුලබ ඖෂධයක්.

අධික ලෙස භාවිත කිරීම රක්තහීනතාවට හේතු විය හැකි බවත්, දරුණු සෞඛ්‍ය ප්‍රතිඵල ලෙස ස්නායු ආබාධ හෝ අංශභාගය ඇති විය හැකි බවද වාර්තා වනවා.

Latest

පස් කණ්ඩියට යටවූ පිරිස බේරාගන්නා මෙහෙයුම

#karapitiya #hospital #sad #news #dasatha #thidasa #madyawediya #lk #srilanka...

ලංකාවේ උසම මඤ්ඤොක්කා ගහ බදුල්ලෙන් හමුවෙයි

#badulla #tree #worldrecord #news #haliela #voice #dasatha #madyawediya #srilanka...

කංචන සහ විමල් සැරටම අමතගනී

#vimal #kanchana #parliament #news #light #madyawediya #dasatha #thidasa #srilanka...

Don't miss

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

කෝටි 07ක් හා පිස්තෝලයක් සමඟ පිරිසක් රිමාන්ඩ්

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ රුපියල් කෝටි 7 අධික මුදලක් සන්තකයේ තබා ගෙන කොළඹ මල් පාරේ සිනමන් රෙඩ් හෝටලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයින් හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බව බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා...

සුරාසැල් ඇරෙන වැසෙන වේලාවේ වෙනසක්

දිවයින පුරා පිහිටි සුරාසැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට (09) සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here