25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් මණ්ඩලයට එරෙහිව හෙට මැතිසබේ විවාදයක්

ක්‍රිකට් මණ්ඩලයට එරෙහිව හෙට මැතිසබේ විවාදයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ යෝජනාව හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ.

ඒකාබද්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එම යෝජනාව එදිනම විවාදයට ගෙන සවස ඡන්ද විමසීමට නියමිත බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කළ අතුරු කමිටුවේ කටයුතු ඊයේ අධිකරණ නියෝගයක් මගින් අත්හිටුවීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නිර්දේශ මත පදනම්වයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුව පත් කරනු ලැබුවේ.