23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයකඩ බට තොගයක් සොරාගත් 04ක් අත්අඩංගුවට

යකඩ බට තොගයක් සොරාගත් 04ක් අත්අඩංගුවට

බලංගොඩ – කිරිමැටිතැන්න හෝප්වේල් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් ඇති ප්‍රාදේශීය රෝහලක රුපියල් ලක්ෂ 05ක් වටිනා යකඩ පයිප්ප බට තොගයක් සොරකම් කළ පුද්ගලයින් සිව්දෙනෙකු අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලංගොඩ පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් පිරිසක් විසින් මෙම අපරාධය සිදු කරනු ලැබ ඇති බවයි.

එම රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පලංචි බැඳීම සඳහා තිබූ යකඩ පයිප්ප බට 108ක් මෙලෙස සොරකම් කර තිබෙනවා.

අත්අඩංගුව ගත් සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.