30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentතුන්සක රිය පෙරළී විදේශිකයින් යුවළකට තුවාලයි

තුන්සක රිය පෙරළී විදේශිකයින් යුවළකට තුවාලයි

ඔහියවත්ත සංචාරක බංගලාව පිහිටි ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ විදේශීය සංචාරක යුවළක් බවයි වාර්තා වන්නේ.

විදේශීය යුවල ගමන් ගනිමින් සිටි ත්‍රීරෝද රිය ඔහියවත්ත සංචාරක බංගලාව ආසන්නයේදී පාලනය කරගත නොහැකි ව ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් විදේශික යුවළට සුළු තුවාල සිදුව ඇති බවත් වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් විසින් එක්ව අනතුරට පත් ත්‍රීරෝද රථය මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම යුවළ නැවතී සිට ඇත්තේ ඔහියවත්ත සංචාරක බංගලාවේයි. අනතුරින් පසුව මෙම යුවළ ත්‍රීරෝද රථය එම ස්ථානයේම දමා ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් ඒ බව හපුතලේ පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.