27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදි සොරකම් කර කැබලි කොට විකුණූ “සුද්දා ” මාට්ටු

යතුරුපැදි සොරකම් කර කැබලි කොට විකුණූ “සුද්දා ” මාට්ටු

යතුරුපැදි සොරකම් කර කැබලි කොට විකුණු ජාවාරමක නිරත වූ ‘ සුද්දා’ නැමති අන්වර්ථනා නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔවුන් සතුව තියුණු පිහියක් හා අත් බෝම්බයක් තිබූ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන්ගෙන් පොලිසිය සිදු කළ විමර්ශනවල දී කටුනායක, පෑලියගොඩ, මරදාන, රාජගිරිය, බත්තරමුල්ල, මාලඹේ , කළල්ගොඩ, කොට්ටාව යන ප්‍රදේශවලින් යතුරුපැදි හා ත්‍රීරෝද රථ සොරා ගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල හා කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.