― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeHot Newsමෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමුවෙයි

මෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමුවෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී තිබේ.

මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසිනුයි.

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන අතර මෙය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බවයි ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමි සඳහන් කළේ.