27.2 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් 03ක දෙමළ පාසල්වලට 13 වැනිදා නිවාඩු

පළාත් 03ක දෙමළ පාසල්වලට 13 වැනිදා නිවාඩු

එළඹෙන නොවැම්බර් මස 13 වැනිදා පළාත් 03ක දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව 12 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් මෙලෙස 13 වැනිදා දෙමළ මාධ්‍ය පාසල් වෙත නිවාඩු දී තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායකගේ උපදෙස් පරිදි නිවේදනයක් නිකුත්කරමින් පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර ඇත්තේ 12 වනදාට නියමිත අධ්‍යයන කටයුතු එළඹෙන 18 වන සෙනසුරාදා ආවරණය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දැනුම්දී ඇති බවයි.