30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentවෑන් - ටිපර් රථ අනතුරකින් හමුදා සෙබළෙක් ජීවීතක්ෂයට

වෑන් – ටිපර් රථ අනතුරකින් හමුදා සෙබළෙක් ජීවීතක්ෂයට

දඹුල්ල – හඹරණ මාර්ගයේ අවුඩංගාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (09) අලුයම දඹුල්ලේ සිට හබරණ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් වෑන් රථයක් එම දිසාවටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී ටිපර් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ යුද හමුදා නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර වම්පස ඉදිරි අසුනේ සිටි නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 32 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.